මෙම වෙබ් app එකට පිවිසීමෙන් අනතුරුව එක Home screen එකට add කරන ලෙස ඉල්ලා සිටින අතර, ඉන් පසුව home screen එක හරහා එය app එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.ඒ මගින් iPhone එක භාවිතා කරමින් Samsung Android Devices එකක ආකරයේ Experience එකක් ගැනීමට හැකි වෙනවා.
එම app එකට ඇතුළු වීමෙන් අනතුරුව Galaxy Store, Themes, Messages සහ Phone apps ඇතුළුව apps සහ settings ගණනාවක් භාවිතා කර බැලීමේ අවස්ථාව Userට හිමි වෙනවා.මීට අමතරව Samsung Health apps, Samsung Kids, මෙන්ම Samsung accessories ඔවුන්ගේ Galaxy Wearable app එක සමඟින් භාවිතා කරන ආකාරය පිළිබඳව ද පරිශීලකයාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.
Samsung සමාගම විසින් මේ වෙන විට නවසීලන්තය තුල ඔවුන්ගේ මේ iTest Web Experience එක පිළිබඳව නිල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටින අතර ලොව පුරා සිටින iPhone පරිශීලකයින් හට ඔවුන්ගේ iPhone තුලින් Samsung Experience එක ලබා ගැනිමට මේ සමඟින් හැකි වෙනු ඇත.


