ලෝකයේ ලොකුම Rocket එක සාදන SpaceX

 


මේ වෙනකොට SpaceX ආයතනය එතෙක් මෙතෙක් ඉතිහාසයේ සාදපු ලොකුම Rocket එක මේ දවස් වල එයාල ප්‍රසිද්දියේ එකලස් කරගෙන යනවා. මේක නැවත නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන් launch system Rocket එකක්. 
Raptor engines 29ක් තියන Super Heavy Booster එක උඩ තමායි Raptor engines 6ක් තියන Starship එක තියෙන්නෙ. මේ දෙකේම එකතුව වෙලා තමයි ලෝකයේ ලොකුම රොකට් එක හැදෙන්නේ.

Rocket එක එකලස් කිරීම කරගෙන යන්නෙ ඇමරිකාවෙ Boca Chica, Texas වල තියන Starbase එකේ. මේක ලොකු project එකක් මොකද full Starship එකේ කොටස් දෙකම එකට එකතු කරන පලවෙනි අවස්ථාව තමයි මේක.මේ මුලු රොකට් එකේම උස 120m විතර වෙනවා. ඒ වගේම මේ Starship රොකට් එක ක්‍රියාත්මක උනාම නිපදවෙන බලය ප්‍රසිද්ද ඇපලෝ 11 රොකට් එක වගේ දෙගුණයක් පමණ වෙනවා.

නමුත් Rocket එක දියත් කරන දිනයක් තාමත් SpaceX ආයතනය කියලා නැහැ. මේ testing සහ දත්ත එකතු කරගන්න කියල තමයි SpaceX සඳහන් කරන්නෙ. Elon Musk සඳහන් කරන්නෙ Starship පද්ධතිය සම්පූර්ණයෙන් develop කරාට පස්සෙ ඉතා පහසුවෙන් මිනිසුන් හඳට සහ අඟහරුවලට ගෙනියන්න මේකට පුලුවන් කියල.


NASA ආයතනය මේ Project එකේ Starship upper-stage එකක් නිශ්පාදනය කරන්න බාර දීල තියෙන්නෙ. ඒ මේ දශකය තුල ක්‍රියාත්මක කරන්න නියමිත සඳෙහි දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශගාමීන් ගෙනියන මෙහෙයුම සඳහා.

Post a Comment

Previous Post Next Post