නොවැම්බර් වනවිට Android හා Apple Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා WhatsApp සහාය අහිමි වෙයි

 


නොවැම්බර් මස ආරම්භයේ සිට Apple සහ Android Smartphones වර්ග 43 ක් සඳහා තවදුරටත් WhatsApp භාවිතා කිරිම සඳහා සහය ලබා නොදෙන බව මේ වනවිට වාර්තා වෙනවා.Whatsapp සමාගම විසින් iPhone 4S මාදිලිය සඳහා සහාය දැක්වීම නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෑතකදී Google සමාගම විසින් Android Gingerbread සහ ඊට පෙර Android සංස්කරණ සහිත ජංගම දුරකථන මගින් Google account එකකට sign-in වීමේ හැකියාව අවහිර කිරිමට කටයුතු කරනු ලැබුවා. මෙයට හේතුව වී ඇත්තේ පරිශීලකයින්ගේ ගිණුම් වල ආරක්ෂාව තර කිරිමට මෙන්ම නවතම පහසුකම් සඳහා compatible නොවීමයි.WhatsApp FAQ වෙබ් පිටුව  මගින් ඔවුන් පෙන්වා දෙන්නේ Android OS 4.1Apple iOS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති Os සහිත Smartphones මාදිලි වර්ග කිහිපයක් සඳහා ඉදිරි නොවැම්බර් 1 වන දින වන විට WhatsApp සහය ලබාදීම අවහිර කරන බවයි.


නොවැම්බර් සිට WhatsApp සඳහා සහය නොදක්වනු ඇතැයි අපේක්ශිත ජංගම දුරකථන වර්ග.


Samsung devices

Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy S2, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core සහ Galaxy Ace 2.


Apple devices

first generation වර්ගයේ iPhone SE, 6s සහ 6s Plus වර්ග,මේ සඳහා iOS 10 වෙතින් යාවත්කාලීන නොකළහොත් WhatsApp සඳහා සහය අහිමිවෙනු ලබයි.

LG devices

LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD සහ 4X HD, සහ Optimus F3Q වර්ග.

Huawei devices

Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S සහ Ascend D2 වර්ග.

Sony devices

Sony Xperia Miro, Sony Xperia Neo L සහ Xperia Arc S වර්ග.

වෙනත්

ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987 සහ Grand Memo, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1 සහ THL W8 .

මේ මාදිලි වර්ග අතරින් හෝ ඔබ භාවිතා කරන ජංගම දුරකථනය Android OS 4.1, iPhone OS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති පැරණී සංස්කරණක් නම් මෙන්ම එය ඉහත සඳහන් Os වෙත update කළ නොහැකි නම්, ඔබට වෙනත් ජංගම දුරකතනයකට මාරු වීමට හෝ වෙනත් messaging platform එකකට මාරු වීමට හැක.

Post a Comment

Previous Post Next Post