රවුම් හැඩැති Android Phone නිකුත් කිරීමට Cyrcle Phone සමාගම සූදානම් වෙයි

 


Cyrcle Phone සමාගම විසින් නිකුත් කරන්නට නියමිත රවුම් හැඩැති මෙම Smart දුරකථනය Android OS එක මගින් බලගැන්වෙන අතර එය 2021 වසර අග වන විට වෙළඳ පොලට නිකුත් වෙයි. Cyrcle Phone 2.0 ලෙස නම්කර තිබෙන මෙම Android දුරකථනය, Cyrcle Phone සමාගම විසින්ම නිකුත් කළ Cyrcle Phone 1 හි නවතම සංස්කරණයි.

4G සහ Android 10 සමඟින් නිකුත් කිරීමට නියමිත වෙ. Dual Sim , අඟල් 3.45 ක 800x800 resolution එකක් සහිත IPS LCD තිරය හා 13MP rear camera එක හා 13MP ක selfie කැමරා එක මෙම රවුම් හැඩ හැඩති ජංගම දුරකථනයේ වඩාත් highlight වන features ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම මෙම දුරකථනය 3.5mm headphone jack දෙකකින් සමන්විත වන අතර එය සාමාන්‍ය ජංගම දුරකථනයක දක්නට නොලැබෙන feature එකක්.





Post a Comment

Previous Post Next Post