අඟහරු ජනාවාස කරා යාමේ මූලික පියවර ආරම්භ කිරීමට spaceX සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටියි. පසුගිය දිනක Crew-2 mission එකට පසු Elon musk ප්‍රකාශ කර සිටියේ “මිනිස්සුන් අවසන් වරට සඳ මතට ගොස් සියවස් භාගයක් පමණ වනවා.එක ඉතා විශාල කාලයක්.අපි නැවතත් සඳ මත moon base එකකට යන්න ඕන. ඉන් පසුව අඟහරු මත නගර සෑදීමෙන් අභ්‍යවකාශගත ශිෂ්ටාචාරයක් බවට පත් වෙන්න ඕන” යනුවෙනි.
මේ සඳහා spaceX හි starship එක නිපදවමින් පවතින අතර එය මේ වන විට කිලෝමීටර 10 ක් උසට යවා සාර්ථක ලෙස ගොඩබැස්සීමට ඔවුන් සමත් වී ඇත. මීලඟ පරීක්ෂණ අවස්ථාවේදී starship එක ප්‍රථම වරට අභ්‍යවකාශ කක්ෂයකට යැවීමට spaceX සුදානමින් සිටී. මෙම starship හි විශේෂත්වය වන්නේ spaceX හි Falcon rocket වල භාවිත කළ Merlin-1D එන්ජිම වෙනුවට Raptor එන්ජින් භාවිතා කිරීමයි. එන්ජින් වල ඉන්ධන වශයෙන් හයිඩ්‍රජන් වෙනුවට මීතේන් යොදා ගනී. මීතේන් යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අඟහරු මත ඇති CO2 හා අයිස් යොදා ගෙන Sabatier process එක මඟින් මීතේන් අඟහරු මතදීම නිපදවා ගැනීමට හැකි වීමයි.starship එක සම්පූර්ණයෙන්ම නිපදවීමෙන් පසු එයට එක් ඉන්ධන පිරවීමකින් සඳමත ගොඩබැස නැවත පෘථිවියට පැමිණිය හැකි අතර අඟහරු මත ගොඩබැසීමේ හැකියාවද පවතිනවා.
එමෙන්ම අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 225 ක් පමණ ඇතින් අතර එහි වායුගෝලයේ මුලික වශයෙන් CO2 , නයිට්‍රජන් සහ ආගන් ඇත. එනම් අඟහරු වල වායුගෝලය සම්පීඩනය කිර්මෙන් ඒ මත පැලැටි වගා කිර්මේ හැකියාව පවතින බවයි. අඟහරු වල ගුරුත්වාකර්ෂණය පෘථිවියේන් 38% පමණ වන අතර අඟහරු දිනයක් පෘථිවි දිනයකට ඉතා ආසන්නය. ඒ අනුව වෙනත් ග්‍රහලෝකයක ජනාවාසයක් පිහිටුවීමට පෘථිවියට ආසන්නම සුදුසුම අඟහරු වන අතර 2026 පමණ වන විට අඟහරු මතට මිනිසුන් යැවීමට spaceX බලාපොරොත්තුවන වන බව සඳහන්ය.එමෙන්ම 2024 දී පමණ නැවතත් සඳ මත moon base එකක් ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කරන බව සඳහන්ය.
Tags:
SpaceX


