Chat Themes ,Interactive Emojis සහ තවත් නව පහසුකම් සමග Telegram 8.1 Update එක නිකුත් වෙයි

 


Chat Themes

TechNewslk

Messenger, Viber වැනි Apps කිහිපයක පමණක් ඇති සිත්ගන්නාසුලු Themes, මෙවර  update එකෙන් පසු Telegram පරිශීලකයන්ටද භාවිත කිරීමේ හැකියාව ලබාදී ඇත.දැනට Telegram Designers කණ්ඩායම විසින් Themes 8 ක් පරිශීලකයන්ට භාවිත කිරීමට හැකි වන ලෙස නිකුත් කර ඇති අතර ඉදිරියේදී තවත් Chat Themes Add කිරීමට අපේක්ෂා කරන බව සදහන් කරනවා. මෙම සෑම Chat Theme එකක්ම Day Mode සහ Night Mode යන ආකාර දෙකෙන්ම භාවිත කිරීමට හැක.


Who Read My Message

TechNewslk

WhatsApp Group තුළ දක්නට ලැබුණු Who Read My Message අංගය මෙවර Telegram විසින් තම පරිශීලකයින්ටද ලබා දීමට කටයුතු කර ඇත. මෙහි දී සිදුවන්නේ Group එකක් තුළ ඔබ යැවූ පණිවිඩයක් කියවූ අය කවුරුන්ද යන්න පෙන්වීමයි.කෙසේ නමුත් Telegram ආයතනය විසින් මෙම පහසුකම ලබා දී ඇත්තේ සාමාජිකයන් 50ට අඩු Private Group සදහා පමණි. තවද ඔබගේ පණිවිඩය කියවූ අය ගැන තොරතුරු දර්ශනය වන්නේ අදාල පණිවිඩය යැවූ දින සිට සතියක් දක්වා පමණි.


Group Video Calls Record with Video

TechNewslk

පෙර පැවති Group Calls Record with Voice පහසුකම වැඩිදියුණු කරමින් මෙම නව Group Video Calls Record with Video පහසුකම හදුන්වා දී ඇති අතර මෙහි දී ඔබට Group Video Call එකක් Record කිරීමේ හැකියාව ලැබෙ.මේ අනුව Live Stream හෝ Video Chat menu එක හරහා Video and Audio හෝ Only Audio යන Select කර stream එක record කළ හැකි අතර, record වී අවසානය් එය Saved Messages වලට එකතු වේ.


Interactive Emojis

TechNewslk

තමන්ටම ආවේණික වූ Animated Emojis එළිදක්වන Telegram ආයතනය විසින් මෙවර  Interactive Emojis පහසුකම හදුන්වා දෙන ලදී.මෙහි විශේෂත්වය පෙර තිබූ Animation තවත් වැඩිදියුණු කරමින් සිත්ගන්නාසුළු Full Screen Animation එකක් ආකාරයෙන් සිදු කිරීමයි. නමුත් නව Interactive Emojis ක්‍රියාත්මක වන්නේ Personal Chat වල පමණි.

ඔබ යම් Animation එකක් ක්‍රියාත්මක කළ විට ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් පුද්ගලයාටද අදාළ Animation එක එම මොහොතේ දර්ශනය වීමයි. දැනට 🎉, 🎈, 👍, 💩 හා ❤️ යන Emojis සදහා මෙය ක්‍රියා කරයි.

Post a Comment

Previous Post Next Post