ඔක්තෝබර් 5 නිකුත් වෙන Windows 11 (නවතම Requirements)

 


Microsoft සමාගම ඔව්න්ගේ නවතම Windows 11 මෙහෙයුම් පද්ධතිය ඔක්තෝම්බර් 5 වන දින සිට නිල වශයෙන් නිකුත් කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව සුදුසුකම් ලත් දැනට Windows 10 ඇති පරිගණක සඳහා නව මෙහෙයුම් පද්ධතිය නොමිලේ Update කිරීමක් ලෙස ලබා ගත හැක.

නවතම Windows 11 සඳහා වූ අවම System Requirements

  • Processor : 1 GHz හෝ ඊට වැඩි, Cores ගණන 2 ක් හෝ ඊට වැඩි 64-bit සහාය ඇති processor එකක් හෝ System-on-a-Chip (SoC) එකක්
  • RAM : 4 GB
  • Storage : 64 GB හෝ ඊට වැඩි
  • System Firmware : UEFI, Secure Boot සහාය ඇති
  • Trusted Platform Module (TPM) version 1.2 චිපය
  • Graphics : DirectX 12 හෝ ඊට වැඩි, WDDM 2.0 driver සහාය සහිත
  • 8-bit per color channel සහාය සහිත, අඟල් 9 න් ඉහළ HD තිරයක්
  • අන්තර්ජාල සබඳතාවක් සහ Microsoft account එකක්
නමුත් මෙම System Requirements නැතුව උනත් අපට windows insider account එකක් හරහා Windows 11 Update එක ගන්න පුලුවන්.


Microsoft සමාගම Windows 10 සඳහා 2025 ඔක්තෝබර් 14 දක්වා සහාය දක්වන නමුත් එම ඉදිරි වසර කිහිපය සඳහා Windows 10 හි ප්‍රධාන යාවත්කාලීන කිරීම් කොපමණ ප්‍රමාණයක් නිකුත් කරන්නේද යන්න නිශ්චිතව කිව නොහැක. මේ වසර අවසානයේදී Windows 10 සඳහා 21H2 update එක නිකුත් කිරීමට සූදානම් කර ඇත.

Post a Comment

Previous Post Next Post