WhatsApp ආයතනය මේ වෙනකොට කලින්ට වඩා වේගයෙන් විවිධ features හඳුන්වා දෙමින් සිටිනවා මේක එක අතකට users ලට වාසි දෙයක්. අපි අද බලමු ඉස්සරහට WhatsApp වලට එකතු වෙන්න නියමිත අලුත් features කිහිපයක්
දුරකථනය අවශ්‍ය නැති multi-device පහසුකම.
හුඟක් අය බලාගෙන හිටපු feature එකක් තමයි මේ. මේ අලුත් multi-device පහසුකම. මේකෙදි ඔයාට උපරිම device 4ක් WhatsApp account එකත් එක්ක link කරන්න පුලුවන්. ඒ device වල WhatsApp පාවිච්චි කරද්දි primary phone එකේ internet connection එක නැතුව උනත් පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. මේ feature එක ලෝකය පුරා beta users ලට දැන් පාවිච්චි කරන්න පුලුවන්. තවත් විශේෂ දෙයක් තමයි අනිත් device භාවිතා කරල අපි message කරත් ඒ device වලටත් end to end encryption එක ලැබීමයි. default app එක වගේම ආරක්ශාවක් අනිත් devices වලිනුත් ලැබීම ඉතා හොඳ දෙයක්.
මේකෙදි අපිට තවමත් එකම WhatsApp account එකෙන් phones දෙකකට log වෙන්න බෑ. මේ විදිහට අපිට PC, Laptops වගේ devices වලට Link කරන්න පුලුවන්. ඒ කියන්නෙ මේ link device පහසුකම කලින් තිබ්බ වගේමයි එකම වෙනස primary phone එකේ internet connection එකක් නැතුව උනත් අනිත් device වලින් WhatsApp පාවිච්චි කරන්න හැකිවීමයි. ඒ වගේම ඔයාගෙ දුරකථනයේ WhatsApp දවස් 14ක් පාවිච්චි කරේ නැතිනම් link කරල තියන අනිත් devices සියල්ල unlink වෙනවා.
Call interface එකට එන අලුත් UI එක.
WhatsApp voice call සහ video call ගද්දි එන interface එක වෙනස් කරලා තියෙනවා. බැලූ බැල්මට මේක Apple සමාගමේ FaceTime වගේ.
Photos වැඩි quality එකකින් යැවීමේ හැකියාව.
Whatsapp ආයතනය අපට Photos යවන්න Option 3 දීලා තියෙනවා.
- Auto (Recommended): මේ option එකේදි WhatsApp තීරණය කරනව photo එක කොච්චර compress කරනවද කියල ඒ අවස්ථාවෙ තියන network speed එක මත.
- Best quality: මේකෙදි WhatsApp උපරිම quality එකෙන් photos යවනව. මේකෙදිත් photo එක compress කරත් කලින්ට වඩා quality photo එකකින් යවන්න පුලුවන් වෙනවා.
- Data Saver: මේ option එකෙන් photo එක උපරිම විදිහට compress වෙනව data සහ storage අඩුවෙන් භාවිතා වෙන්න.
Tags:
WhatsApp




