එම Apple California Streaming Live Event එකේදී Apple ආයතනය පවසා සිටියේ විශේෂාංග ගණනාවක් මේ නවතම iOS 15 Update එක සමඟින් ලබා දෙන බවයි. පසුගිය ජූලි මස පැවති WWDC 2021 event එක අතරතුරදී මේ පහසුකම් සියල්ලක්ම පාහේ විස්තර කිරීමට ඔවුන් කටයුතු කරා.
iOS 15 සහය දක්වන Devices
- iPhone 13 / 13 mini / 13 Pro / 13 Max
- iPhone 12 / 12 mini / 12 Pro / 12 Max
- iPhone 11 / 11 Pro / 11 Pro Max
- iPhone XS / XS Max / iPhone XR
- iPhone X
- iPhone 8 / 8 Plus
- iPhone 7 / 7 Plus
- iPhone 6s / iPhone 6s Plus
- iPhone SE (1st generation)
- iPhone SE (2nd generation)
- iPod touch (7th generation)
Safari Browser
නවතම iOS 15 Update එක මගින් Safari Browser සම්පූර්ණයෙන්ම Redesign කිරීමට Apple සමාගම කටයුතු කර ඇත. නවතම Tab Bar Mode එකක් Browser එකට එක් කිරීම හා URL bar එක පහතින් දිස් වීමට සැලැස්වීම ඒ අතර ප්රධාන වනවා. ඒ වගේම Tabs Grid View එකක් යටතේ බලා ගැනීමට හා Tab Bar එක Swipe කිරීම මගින් Tab අතර ගමන් කිරීමටද හැක. ඊට අමතරව Appearance එක වෙනස් කිරීමේ හැකියාවද Favorites Shortcuts add කර ගැනීමේ පහසුකම නවතම iOS 15 update එක මගින් Safari Browser එක හා ලබා දී තිබෙ.
FaceTime
iOS 15 Update එක මගින් මීට පෙර පැවති FaceTime පහසුකම වැඩි දියුණු කරමින් iOS පරිශීල්කයන්ට පමණක් නොව Android , windows වැනි වෙනත් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන පරිශීලකයන්ටද භාවිතා කළ හැකි පරිදි FaceTime පහසුකම ලබා දීමට කටයුතු කර ඇත.
FaceTime පහසුකම වෙනත් Os භාවිතා කරන පරිශීලකයෙකුට FaceTime Link එක මගින් Web Browser එක හරහා Log වීමෙන් ඉතා පහුවෙන් Video Call එක හා සම්බන්ධ වීමේ හැකියාව ඇත.
තවද grid view, blurred background portrait mode , සහ නවතම Spatial audio පහසුකම ඇතුළු විශේෂාංග රැසක් එක් කර තිබෙනවා.

Offline Siri
iOS 15 Update එකත් සමග Siri Voice Assistant පහසුකම Internet Connection නොමැතිව භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. තවද මේ හරහා Setting වෙනස් කිරීම , Apps විවෘත කිරීම සහ ඉතා ප්රයෝජනවත් කාර්යන් රැසක් දැන් ඉතා වේගවත්ව හා ඉතා ආරක්ෂාකාරී ලෙස සිදු කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මීට අමතරව Siri ගේ voice recognition පහසුකම වැඩි දියුණු කිරීමක්ද නවතම iOS 15 update එක සමග සිදුවී ඇත.
Maps and Weather
නවතම iOS 15 update එක සමග අලංකාර පෙනුමකින් සහ නවතම 3D Map එකකින් සම්න්විත Apple Maps පහසුකම iPhone පරිශීලකයන්ට ලබා දී තිබෙනවා. ලෝකයේ විවිධ රටවල විවිධ නගර වල ගස්, පාලම් සහ ප්රධාන ගොඩනැගිලි වැනි දෑ 3D තාක්ෂණය භාවිතා කර Virtual ලෙස අත්විදිය හැකි පරිදි නිර්මාණය කිරීමටද Apple සමාගම කටයුතු කර තිබුණා. ඔබ ගමන් කරන දිශාව නිවැරදි ලෙසට හදුනාගැනීම සදහා නවතම AR Directions පහසුකමද මේ හරහා හදුන්වාදීමට Apple සමාගම අමතක කර නැහැ.

Live Text
මෙම විශේෂාංගය iPhone පරිශීලකයන්ට නවතම අත්දැකීමක් විය හැකියි. Android OS එකෙහි ඇති Google Lens පහසුකමට සමාන සේවාවක් මෙම Live Text විශේෂාංගය මගින් ලබා ගත හැක. මෙමගින් iPhone එකෙහි කැමරාව මගින් හෝ Internal Storage එකෙහි ඇති Image එකක් ඉතා පහසුවෙන් Scan කර එහි ඇති Text වැනි දේ Copy කර ගැනීමේ පහසුකම සපයා තිබෙනවා. තවද එම Image එකෙහි ඇති දුරකථන අංක, URL වැනි දේ ඉතාමත් හොදින් හදුනාගෙන ඊට අදාල පියවර එක Click එකක් හරහා ලබාගැනීමට හැකිවන පරිදි මෙම විශේෂාංගය හදුන්වා දී තිබෙනවා.

Focus Mode
ඔබ කුමක් හෝ කාර්යයක යෙදී සිටින විට ඔබට ඔබගේ ජංගම දුරකථනයෙන් පැමිණෙන Notifications සහ Calls වැනි බාධා වලින් තොරව එ සදහා අවධානය යොමු කිරීමේ පහසුව Focus Mode එක මගින් ලැබී තිබෙ.
iOS 15 update එක මගින් ඔබ යෙදී සිටින කාර්යය හදුනාගෙන ඊට අදාළ Focus Mode එකට automatically change විමේ හැකියාවද iOS 15 එකට ලැබී තිබෙනවා. ඒ වගේම ඔබගේ කාර්යාල වේලාවන් හා අනෙකුත් කාර්යන් සදහා Focus Mode එක වෙනස් කර ගැනීමේ හැකියාවත් මේ හරහා ලැබී ඇත.





ft
ReplyDelete