WhatsApp beta පරිශීලකයින්ට Large Link Preview පහසුකම ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරයි



මෙම WhatsApp App තුළ ඔබ තවත් අයෙක් හට Link හෝ  URL එකක් යවන විට මෙම
Link එක තුළ අඩංගු මාතෘකාව හා එහි අන්තර්ගතය ඉතා කුඩාවට දිස්වන ආකාරය ඔබ දැකඇති.නමුත් අනෙක් Messaging Apps වල මෙම Link Preview එක ඉතාමත් පැහැදිලිව  දිස්වන ආකාරය ඔබ දැක ඇති. එයට උදාහරණය වන්නේ Telegram App එකයි.

මෙම WhatsApp යෙදුමට Add කිරීමට කටයුතු කරන බව WhatsApp ආයතනය පවසා තිබෙනවා. මෙහිදී Link Preview එක ඉතාමත් පැහැදිලිව දිස්වන ආකරය පහත පින්තූරය හරහා ඔබට දැක ගත හැකිය.

මෙම විශේෂාංගය WhatsApp Beta පරීක්ෂකයන් හට නවතම WhatsApp Beta Update (iOS 2.21.160.17/Android 2.21.17.15) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති.


2 Comments

Previous Post Next Post