Grand Theft Auto Vice City, III සහ SanAndreas යන games remaster කර නැවත නිකුත් කිරීමට Rockstar ආයතනය සූදානම් වෙයි


Rockstar සමාගමේ Grand Theft Auto series එක ගැන මේ වෙනකොට නොදන්න gamer කෙනෙක් හොයාගන්න බැරි තරම්.

මේ වන විට ලොව පුරා ඉන්න GTA ක්‍රිඩකයින් GTA 6 පිළිබඳව තොරතුරු වාර්තා වෙන තුරු බලාසිටින අතරම, Grand Theft Auto: Vice City, Grand Theft Auto III,  සහ Grand Theft Auto: San Andreas කියන game ත්‍රිත්වය remaster කිරීමට Rockstar සමාගම විසින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව Rockstar ආයතනය විසින් තවමත් නිළ වශයෙන් නිවේදනය කර නොමැති නමුත් Kotaku වෙබ් අඩවිය ප්‍රකාශ කරන අන්දමට Rockstar Dundee studio එක හරහා මෙම remaster කිරීම සිදු කරනු ලබනවා.

මෙලෙස remaster කරන ලද games ත්‍රිත්වය මීළඟ ඔක්තෝම්බර් - නොවැම්බර් මාස වන විට PC, PS4, PS5, Xbox One, Xbox Series X සහ S, Switch, Stadia, සහ mobile phones වලට ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

එමෙන්ම ‍මෙම games ත්‍රිත්වයම එක් bundle එකක් ලෙස digitally අලෙවි කිරීමට කටයුතු කරනු ඇති අතර, මෙහි අලෙවිය සළකාබැලීමෙන් අනතුරුව එය සාර්ථක වන්නේ නම් Red Dead Redemption වැනි අනෙකුත් පරණ games ද remaster කිරීමට Rockstar ආයතනය සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.


 

Post a Comment

Previous Post Next Post