Tesla AI Day event එක අතරතුරදී නව Tesla Bot නමින් මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව අනාවරණයක් කිරීමට Tesla සමාගම කටයුතු කරයි

 


2021 වසරට අදාළ Tesla සමාගමේ 2021 AI Day event එක අවසානයේදී AI තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන මානවරූපී රොබෝවරයෙක් පිළිබඳව සංකල්පයක් හඳුන්වාදීමට Tesla සමාගම පසුගියදා කටයුතු කළා.


මෙය බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ කරුනක් වුණු අතර, එයට හේතුව නම් මිනිසා විසින් ගොඩනැඟූ ලෝකය තුළ මිනිසා අතරින් ඇවිද යන රොබෝවරයකු, එනම් මිනිසුන් සමඟින් මිත්‍රශීලී මෙන්ම ඉතාමත් සහයෝගයෙන් කටයුතු කළ හැකි රොබෝවරයෙකු පිළිබඳ සංකල්පය මේ තුළින් ඉදිරිපත් වේ.

මෙම event එක අවසානයේදී Tesla Bot මෙන් සැරසුනු කාන්තාවකගේ නර්තනයකින් අනතුරුව Elon Musk විසින් (බොහෝ දුරට ඊළඟ වසරේදී) Prototype එකක් එළිදැක්වෙතැයි අපේක්ෂා කෙරෙන නවතම Tesla Bot ව්‍යාපෘතිය පිළිබඳව අනාවරණය කළා.



Tesla සමාගම සිය electric vehicle සඳහා භාවිතා කරන ආකාරයේ AI තාක්ෂණයක් මෙම රොබෝවරයා වෙනුවෙන් ද භාවිතා කිරීමට නියමිත බව සදහන් වෙයි, ඊට අමතරව හිස තුළ සවි කරන ලද Autopilot කැමරාවකින් දත්ත ලබා ගෙන අවට පරිසරය සමඟ කටයුතු කරන්නට හැකි වන ආකාරයටත් මෙම රොබෝවරයා නිර්මාණය කිරීමට Tesla හි අරමුණ වේ.

Elon Musk විසින් ප්‍රකාශ කරන පරිදි අඩි 5 යි අඟල් 8 ක් උස, කිලෝග්‍රෑම් 57 ක බරකින් යුත් මෙම මානවරූපී රොබෝවරයා සැහැල්ලු අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ඇති අතර ස්ථානගත කෙරෙන තිරයකින් රෝබෝවරයා පිළිබඳව සම්පූර්ණ දත්ත දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.මොහු විසින් උදාහරණයක් ලෙස (ග්‍රොසරි එකකට ගොස් බඩු රැගෙන ඒම) වැනි ක්‍රියාවක් දෙයක් පෙන්වා දුන් අතර, ඒ අනුව අනාගතයේදී මිනිසා ශාරීරිකව වැඩ කල යුතු නොවන පසුබිමක් නිර්මාණය වෙතැයි අපේක්ෂා කල හැකියි.මිනිසා විසින් සිදු කළ යුතු නමුත් (ආරක්ෂාකාරී නොවන, නැවත නැවත සිදු කළයුතු සහ කම්මැලි සහගත) වැඩ මිනිසා වෙනුවට සිදු කිරීම ඉලක්ක කරගෙන මෙම රොබෝවරයා සකස් කිරීමට නියමිතයි.


AI විසින් යම් දිනෙක මිනිසා අභිබවා යනු ඇතැයි Elon Musk විසින් පවා පසුගිය වසරවල විටින් විට අදහස් පළකර ඇත. ප්‍රශ්න විමසීමේ අවස්ථාවකදී Elon musk ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ (AI පිළිබඳව තවමත් එම අනතුර ඇති නමුත්) සිය අරමුණ වන්නේ AI තාක්ෂණය යහපත් මානව ක්‍රියාකාරකම් වෙනුවෙන් පමණක් යෙදවීම බවය.



Post a Comment

Previous Post Next Post