2013 වසරේ දී Snapchat හරහා හදුන්වාදුන් Stories පහසුකම මේ වන විට ලොව පුරා මිලියන ගණන් දෙනා එදිනෙදා භාවිතා කරන Facebook, Instagram, WhatsApp වැනි Plaform වල බොහෝ ජනප්‍රිය අංගයක් බවට පත්ව තිබෙනවා.
මේ පිළිබඳව මුල් වරට අනාරවණය කරන ලද්දේ social media consultant කෙනෙක් වන Matt Navarra නම් පුද්ගලයා විසින් වන අතර පසුව The Verge වෙබ් අඩවිය හා සම්බන්ධ වූ TikTok සමාගමේ නියෝජිතයෙකු විසින් මෙය තහවුරු තිබෙන බව The Verge වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා.
Matt Navarra විසින් පළ කර ඇති Video එකට අනුව TikTok App එක තුළ Home Feed එකෙහි දකුණට swipe කිරීම තුළින් Stories බලා ගැනීමටත් Story එකක් Create කිරීමටත් හැකියාව තිබෙනවා.

දකුණට swipe කළ පසුව වම් පැත්තෙන් එන Slide bar එකෙහි ඇති Create button එක භාවිතයෙන් Story එකක් Create කිරීමට හැකියාව පවතින අතර දැනට මෙම පහසුකම් පවතින ජනප්‍රිය Platform වන WhatsApp, Instagram වලදී මෙන් TikTok Stories වලදී ද captions, music සහ text එකතු කර ගැනීමට හැකියාව ලැබුනද මෙහිදී images එකතු කීරීමට නම් හැකියාවක් තවමත් ලබා දී නැහැ.
Tiktok වෙනුවෙන් The Verge වෙබ් අඩවිය සමඟ එකතු වූ නියෝජිතයා තව දුරටක් පවසා ඇත්තේ, TikTok ආයතනය සැමවිටම ඔවුන්ගේ community එක TikTok තුළදී අත්දැකීම් වලින් පොහොසත් කිරී්මට නව ක්‍රම සොයා බලන බවත්, මේ දිනවල TikTok creators ලා හට ඔවුන්ගේ නිර්මාණශීලි අදහස් සිය Community එකට දායාද කිරීමට හැකි වන අයුරින් නව පහසුකම් අත්හදා බලමින් සිටින බවත්ය.
TikTok Stories ද පැය 24 ක් ඇතුළත ස්වයංක්‍රීයව මැකීයන අතර TikTok භාවිතා කරන යම් කෙනෙක්ගේ profiles එක නැරඹීමේදී අදාල Creator විසින් පැය 24 කාලය ඇතුළත එකතු කළ Stories බලා ගැනීමටත් ඒවාට react සහ comment කිරීමේ හැකියාවත් පවතිනවා.
මෙම පහසුකම තවමත් ලැබී ඇත්තේ ඉතාමත් සුලු TikTok භාවිතා කරන්නන් පිරිසකට පමණක් වන අතර නුදුරේදීම සියලු TikTok භාවිතා කරන්නන් හට ලැබිය හැකි වෙනවා.
අපේ YouTube Channel එක හා එක් වීමෙන් මේ පිළිබඳව අලුත්ම තොරතුරු පහසුවෙන් දැන ගත හැක

