Android සඳහා ලොව පළමු Magnetic Charger එක හඳුන්වාදීමට Realme සමාගම කටයුතු කරයි


Magnetic charging තාක්ෂණය "MagSafe" නමින් මුලින්ම හඳුන්වාදීමට Apple සමාගම පසුගිය වසරේ කටයුතු කළහ.

මේ දක්වා Apple devices වලට පමණක් සීමා වී තිබූ මෙම තාක්ෂණය, මෑතකදී නිකුත් කල කිසිදු flagship Android දුරකතනයක දැකගත නොහැකි විය.

කොහොම නමුත් ඔන්න දැන් Android සදහා තිබූ ඒ magnetic charging system එකක අඩුව Realme සමාගම විසින් පුරවන්නට කටයුතු කර තිබෙන අතර ඒ අනුව, Apple "Magsafe" හා සමානම ආකාරයෙන් "Magdart" නමින් මෙම තාක්ෂණය එළිදක්වන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අලුතින් හදුන්වා‍දෙන මෙම Magdart තාක්ෂණය Apple MagSafe වලට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වන බව NDTV වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Realme සමාගම හඳුන්වාදෙන ලද මෙම Magdart charging system එක තවත් accessories bundle එකක් සමඟ හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර 50W හා 15W Magdart device දෙකක්, 2-in-1 MagDart Power Bank එකක්, Realme MagDart Beauty Light එකක්, Realme MagDart wallet එකක් හා Realme GT MagDart Charging Case එකක් එයට ඇතුලත් කර තිබෙනවා.

මෙම 50W magdart device එක තරමක් ඝනකමකින් යුක්ත වන අතර, එහි පැත්තක USB Type C port එකක් හා යටපැත්තේ හා දෙපස වාතාශ්‍රය ගමන් කිරීම සඳහා Vents, නොහොත් කවුළු පිහිටා තිබෙනවා.මේවා Device එක රත්වීම පාලනය කිරීම සඳහා වැදගත් වන අතර, මෙහි Cooling fan එකක් හා 1.5mm ක ඝනකමකින් යුත් Magnet එකක් ද දක්නට ලැබෙනවා.

එමෙන්ම non-removable cable එකක් සමඟ එන 15w Magdart device එක 3.9mm ක් පමණක් ඝනකමින් යුක්ත වෙන අතර ඒ සඳහා නම් cooling තාක්ෂණයක් භාවිතා කර නැහැ.


ඒ වගේම මෙම Magdart තාක්ෂණය පෙන්වීම සඳහා Realme සමාගම නිකුත් කළ ඡායාරූපවල ඇතුළත් ජංගම දුරකථනය, මෙම තාක්ෂණය සහිතව නිකුත් කෙරෙන පළමු දුරකථනය වනු ඇතැයි බොහෝ වෙබ් අඩවි වාර්තා කර තිබුනා.

Realme Flash ලෙස නම් කර තිබු මෙම දුරකථනය, සැබැවින්ම Realme සමාගම  නිකුත් කරන්නට සූදානමින් සිටින එකක්ද නැතිනම් Magnetic charging system එක හඳුන්වාදීම සඳහා පමණක් භාවිතා කළ  Concept phone යන්න තවමත් පැහැදිලි නැත.

 

Post a Comment

Previous Post Next Post