2014දී Facebook සමාගම විසින් ඔවුන්ගේ ප්‍රධාන Facebook app එකෙන් Chat පහසුකම ඉවත් කිරීමට කටයුතු කරා ඔබට මතක ඇති. මේ නිසා සියළුම Facebook පරිශීලකයින් හට messages යැවීම සහ calls ලබාගැනීම සඳහා තවත් app එකක් download කරගැනීමට සිදු විය.
නමුත් මේ වන විට Voice calling සහ Video calling පහසුකම නැවතත් ප්‍රධාන Facebook Main app එකට add කිරීමට කටයුතු කරමින් සිටින අතර, අගෝස්තු මස 31 වැනි දින සිට මෙම පහසුකම තෝරාගත් පරිශීලකයින් පිරිසකට ලබාදීමට Facebook සමාගම සූදානමින් සිටිනවා. මේ නිසා app එකින් එකට මාරු නොවී පහසුවෙන් එකිනෙකා අතර communicate කරගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව Facebook සමාගම අපේක්ෂා කරනවා.
Messenger යනු වෙනම app එකක් හරහා ලබාදිය යුතු option එකක් නොවන බව, එය ප්‍රධාන සේවාවේ ඇතුලත් විය යුතු option එකක් බවත් Facebook සමාගම තේරුම් ගනිමින් සිටින බව Bloomberg Web අඩවිය පෙන්වාදෙන අතර ඉදිරියේදී Messenger හි තාක්ෂණයන් භාවිතා කරමින් එය Instagram, Oculus වැනි Apps වලට ද ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරනවා.
Tags:
Facebook
