නාසා ආයතනය Commercial Crew වැඩසටහන ආරම්භ කරන්නේ 16 November 2020 පෘථිවි කක්ෂයේ ස්වාධීන වාණිජ මෙහෙයුම් සිදු කිරීමටය.
ආයතනයට අමතරව වාණිජ මෙහෙයුම සිදු කිරීමට SpaceX සමාගම තීරණය කර ඇත.
Inspiration4 නමින් හඳුන්වන මේ මෙහෙයුම හේතු ගණනාවක් නිසා වැදගත් වේ .
අභ්‍යවකාශ ගවේශනය ආරම්භයේදී ගගනගාමීන් යනු දක්ෂ හමුදා ගුවන්
නියමුන්ට වෙන්වූ රැකියාවක් විය. පසුව එයට සිවිල් ගුවන් නියමුවන් එක් වූ අතර
වර්තමානයේ දී ගගනගාමීන් යනු විද්‍යා අංශයේ ඉහළට ඉගෙනගත් පුද්ගලයින්
බහුතරයක් සුදුසුකම් ලබන රැකියාකි.
නමුත් 21 වන සියවසේ ආරම්භයේ සිට ධනවත් පුද්ගලයින් මුදල් ගෙවා
අභ්‍යවකාශයට ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි විය. නමුත් මේ සෑම
මෙහෙයුමකම මුදල් ගෙවා යන සචාරකඉන් සමඟින් පළපුරුදු ගගනගාමීන් සහභාගී
විය. 2021 වර්ෂයේ දී අභ්‍යවකාශයට මුදල් ගෙවා ගමන් කළ හැකි, සංචාරකයින්
පමණක් ගමන් ගන්නා අභ්‍යවකාශ මෙහෙයුම් ආරම්භ වූවත් ඒවා පෘථිවි කක්ෂයට
ගමන් කරන්නේ නැත. මේ තත්වය වෙනස් කරමින් වෘත්තිමය වශයෙන්
ගගනගාමීන් නොවන සිවිල් පුරවැසියන්ගෙන් පමණක් සැදුම් ලත් පළමු කක්ෂීය
මෙ හෙ යුම Inspiration4 මෙහෙයුමයි.
මේ මෙහෙයුමේ ප්‍රධානියා වන්නේ තාක්ෂණික ව්‍යවසායකයෙක් හා වාර්තා
පිහිටවූ ගුවන් නියමුවෙක් වන Jared Isaacman ය. ඔහු විසින් මේ මෙහෙයුම
හරහා St. Jude ළමා රෝහලට ආධාර සෙවීමට බලාපොරොත්තු වන අතර Crew
Dragon යානයේ ආසන 4 ටම මුදල් ගෙවන්නේ ඔහු විසින්මයි.
එක් ආසනයක් හිමි වන්නේ 29 හැවිරිදි Hayley Arceneaux ය. ඇය පෘථිවි
කක්ෂයට ගමන් ගන්නා ලාබාලතම ඇමරිකානු ජාතිකයා වනු ඇත.
තවත් ආසනයක් හිමි වන්නේ දානපතියෙක්ටයි. ඔහු විසින් St. Jude
රෝහලට සිදු කර ඇති පරිත්‍යාග අනුව එම පුද්ගලයාව තෝරා ගැනීම සිදු වූ අතර ඒ
පුද්ගලයාව මාර්තු 30වනදා හඳුන්වා දෙන ලදී. ඔහු Lockheed
Martin සමාගමේ සේවකයෙක් වූ Chris Sembroski ය.
අවසන් ආසනය හිමි වන්නේ Jared ගේ Shift4 නම් සමාගමේ Shift4Shop
අන්තර්ජාල මූල්‍ය සේවාව භා ව්‍යවසායකයෙක් වන Sian Proctorය.
Inspiration4 මෙහෙයුම 2009 මැයි මස STS125 ෂටල මෙහෙයුමෙන් පසු
කුමන හෝ අභ්‍යවකාශ නැවතුම්පළක් සමඟ සම්බන්ධ නොවන පළමු කක්ෂීය
මෙහෙයුම වේ .මේ මෙ හෙ යුම පිළිබදව Netflix සමාගම හා Time සගරාව එක් වී
Countdown: Inspiration4 Mission to Space නම් Netflix වැඩසටහනක්
ඉදිරිපත් කිරීමට නියමිතවේ .
මේ සම්බන්ධව අදහස් පළකළ Elon Musk පැවසුයේ ඔහුත් දවසක
අභ්‍යවකාශයට යාමට කැමැත්තෙන් පසු වන නමුත් නුදුරේ නම් එය සිදු නොවන
බවය.
තාක්ෂණය පිලිබද අලුත්ම තොරතුරු ලගටම ගෙන්වා ගැනීමට අපේ එක කර ගන්න :- App
Tags:
Inspiration


