මොනවද මේ MODDED Whatsapp?

 


WhatsApp කියන්නෙ මේ දිනවල හැමෝම භාවිතා කරන App එකක්. කලින් අපි WhatsApp වලට අලුතෙන් ආපු සහ එන්න නියමිත features කිහිපයක් ගැන කතා කරා. මීට අමතරව සමහර අය නිල නොවන WhatsApp modified apps පාවිච්චි කරනවා. එහෙම ප්‍රසිද්ධ modded apps දෙකක් තමා GBWhatsApp සහ FMWhatsApp. ප්‍රසිද්ධ වුනාට මේ Apps ඇත්තටම හොඳයිද?

modified apps භාවිතා කිරීම ආරක්ෂිතද?

මේ GBWhatsApp, FMWhatsApp apps දෙකම නීති විරෝධියි. මේව original WhatsApp වල clone versions. ඉතින් මේ වගේ apps පාවිච්චි කරන එක WhatsApp වල අපි පිළිගන්න කොන්දේසි වලට එරෙහිව යනවා. ඉතින් මේ හේතුව මේ modified apps වල පාවිච්චි කරන WhatsApp account එක ban වෙන්න හේතුවක්. WhatsApp ආයතනයත් මේ වගේ apps පාවිච්චි කරන accounts විශාල වශයෙන් ban කරන්න පටන් ඇරන් තියනවා. තවත් අනතුරුදායක දෙයක් තමයි මේ cloned apps වලින් විවිධ malware පැතිරීමේ හැකියාව ඉතා ඉහළ වීම. සමහර FMWhatsApp versions, Triada trojan කියන malware එක පැතිරෙන්න හේතු උනා කියන එක වාර්තා වෙලා තියනවා. මේ විදිහට malware පැතිරෙන්න හේතුවක් තමයි මේ apps ලබාගන්න බොහෝවිට හරි source එකක් නැතිවීම. ඒ හින්ද ඕන කෙනෙක්ට ඕන malware එකක් ඇතුලත් කරල මේ apps නිකුත් කරන්න පුලුවන්. මේ හේතුව නිසා GBWhatsApp, FMWhatsApp භාවිතා කිරීම අපිටත් පෞද්ගලිකව අනතුරක්.

පහසුකම් අඩු උනත් official WhatsApp භාවිතා Safe . වැඩි පහසුකම් වෙනුවෙන් අපේ WhatsApp account එක සහ privacy එක අනතුරට ලක් කිරීම කිසිසේත් වටින දෙයක් නෙවෙයි.

GBWhatsApp

GBWhatsApp කියන්නෙ original WhatsApp එක modify කරල හදපු app එකක්. Original WhatsApp එකේ තියන සමහර limitations අයින් කරල සමහර features වැඩි දියුණු කරල තමා GBWhatsApp develop කරල තියෙන්නෙ. GBWhatsApp වල වඩාත් කැපී පෙනෙන feature එක තමා එක device එකක WhatsApp accounts දෙකක් පාවිච්චි කරන්න ඉඩ දීම. මීට අමතරව custom themes, hidden chat පහසුකම, story download පහසුකම, වඩාත් විශාල file send කිරීමේ හැකියාව, online status සැඟවීම, පින්තූර 10ට වඩා එකවර share කිරීමේ හැකියාව ඇතුලු තවත් පහසුකම් රාශියක් ඇතුලත්.GBWhatsApp මගින් auto-reply කිරීමේ හැකියාව, පණිවිඩ schedule කිරීම, high-resolution pictures share කිරීමේ හැකියාවත් ලබාදෙනවා. සරලව කීවොත් GBWhatsApp කියන්නෙ original WhatsApp hack කරල හදපු app එකක්. Google Play Store තුල අපිට GBWhatsApp දැකගන්න පුලුවන් වෙන්නෙ නෑ, ඒ වෙනුවට වෙනත් වෙබ් අඩවියකින් මේක download කරගන්න පුලුවන්.

FEATURESGBWHATSAPPWHATSAPP
Status Characters LengthUp to 255 CharactersUp to 139 Characters
Document Sharing at one time10030
Media Sharing50 MB16 MB
Document Sharing200 MB64 MB
Block calls for Specific ContactsYesNo
Status CopyingYesYes
Documents Sharing in Pdf, Txt formatYesYes
Languages Supported45130
Blank Messages SendingYesNo
Theme ChangingYesNo
Auto-ReplyYesNo
HD ImagesYesNo
Photos sharing limit3090

FMWhatsApp

FMWhatsApp කියන්නෙ WhatsApp modified version එකක්, ඒත් එක්ක original app එකේ නැති පහසුකම් රාශියක් ලබාගන්න හැකියාව ලැබෙනවා. FMWhatsApp තුලදි අංකයකට පණිවිඩයක් යවන්න ඒ අංකය save කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ අංකය app එකට ඇතුලත් කරල පණිවිඩ යවන්න පුලුවන්. සාමාජිකයන් 500ක group සාදන්නත් FMWhatsApp තුලදි පුලුවන්. එක වර photos 60ක් send කරන්නත් හැකියාව තියනවා. FMWhatsApp එකේ දකින්න ලැබෙන විශේෂ පහසුකම් කීපයක් තමයි වැඩි වුණු group member limit එක, photos වැඩි ගණනක් share කරගැනීමේ පහසුකම සහ වඩාත් විශාල files share කරගැනීමට හැකිවීමයි. මේ app එකේ දියුණු කරපු privacy features තියනවා, උදාහරණ විදිහට අපිට call කරන්න පුලුවන් contacts තෝරන්න මේ app එකේදි පුලුවන්, ඒ වගේම read message වලට ලැබෙන blue tick එකත් disable කරන්න FMWhatsApp තුලදි හැකියාව ලැබෙනවා. user community එකකින් පවත්වාගෙන යන themes 4000ක පමණ එකතුවක් බලාගන්නත් පුළුවන්.මේ app එකේ තියන වඩාත් විශේෂ පහසුකමක් තමයි last seen freeze කිරීමේ හැකියාව, මේ එක්ක ඇත්තට last seen සඟවන්න පුලුවන්. FMWhatsApp වලදි typing සහ recording notifications පවා off කරන්න හැකියාව තියනවා. මේ app Official වෙබ් අඩවියකින් තමා download කරගන්න පුලුවන්.

FeaturesFMWhatsAppWhatsApp
Hide Online StatusYesNo
Group500250
Media Sharing50 MB16 MB
Custom ThemesYesNo
Anti-Delete Status/StoriesYesNo
Freeze Last SeenYesNo
DND ModeYesNo
Airplane ModeYesNo
Security LockYesNo
Disable Forwarded TagYesNo
Disable CallingYesNo
Backup to Google DriveNoYes
Fast UpdatesNoYes


Post a Comment

Previous Post Next Post