මෙතෙක් පැවති YouTube video හි progress bar එක tap කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව ඉවත් කිරීමට Google සමාගම පසුගිය වසරේදි කටයුතු කලහ.
එයට විකල්පයක් ලෙස tapping gesture එකක් මගින් video එක seek කිරීමේ හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කලහ, නමුත් මේ වන විට Google සමාගම විසින් video එක seek කිරීම සඳහා නව gesture එකක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
දැනට Android හෝ iOS උපාංගය හරහා YouTube video එකක් නැරඹීමේදී, screen එකේ වම් හෝ දකුණු පැත්තට කිහිපවරක් tap කිරීම මගින් හෝ, progress bar එක drag කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව ඇත.
නව gesture එක මගින් , පරිශීලකයින් හට screenඑක මත tap කර hold කර වමට හෝ දකුණට swipe කිරීම මගින් video එක seek කිරීමේ හැකියාව හිමි වේ.
දැනට මෙම gesture එක Android v16.31.34 beta YouTube app එක භාවිතා කරන පරිශීලකයන් කිහිප දෙනෙකු සඳහා server-side update එකක් ලෙසින් ලබා දී තිබෙන අතර ඉදිරියේදී මෙය සියලුම පරිශීලකයන් හට ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න වේ.
