මීළඟට නිකුත්වීමට නියමිත Snapdragon 888+ chipset එක 4nm process එක යටතේ නිෂ්පාදනය කරනු ලබන බව අනාවරණය වෙයි
ඒ අනුව මෙම නවතම 4nm chipset එක සඳහා X65 5G modem එකක් ඇතුළත් කරනු ඇති අතර එමඟින් 10Gbps (තත්පරයට ගිගාබිට් 10 ක) wireless download speeds එකක් ලබාදෙනු ඇති අතර දැනට භාවිතාවේ ඇති Snapdragon 888 (5nm) chipset එකේ තිබෙන X60 5G modem එකට හැකියාව තිබෙන්නේ 7.5Gbps වේගයක් ලබා දීමට පමණයි.
එමෙන්ම මෙම powerful chipset එක සඳහා ARMv9 chip architecture එක මත ගොඩනැගෙන Kryo 780 CPU එකකින් බළගැන්වෙනු ඇති අතර, පැරණි මාදිලියේ තිබූ Adreno 660 GPU processor එක වෙනුවට, මෙම අලුත් version එකට Adreno 730 GPU එක භාවිතා කරනු ඇති.
කෙසේ වුවත් තවමත් මෙම Adreno 730 GPU processor එකද නිල වශයෙන් හඳුන්වාදීමක් සිදුකර නැහැ.
මීට අමතරව Adreno 665 video processing unit එකක් හා Adreno 1195 display processing unit එකකින්ද මෙම නවතම flagship chipset එක බල ගැන්වෙන අතර බොහෝ දුරට Galaxy S22 ද ඇතුළුව 2022 වසරේ දී නිකුත් වීමට නියමිත සියලුම flagship Android ජංගම දුරකථන මෙම chipset එක මගින් බලගැන්වෙනු ඇති.
