Huawei, SIMC, Hikvision ඇතුළු චීන සමාගම් 59ක ආයෝජනය කිරීම තහනම් කරමින් විධායක නියෝගයක්නි කුත් කිරීමට ඇමරිකානු රජය කටයුතු කරයි
Huawei ඇතුළු චීන සමාගම් 59 ක් සඳහා ආයෝජනය කිරීම තහනම් කරන නව විධායක නියෝගයක් බලාත්මක කිරීමට එක්සත් ජනපද රජය තීරණය කිරීමත් සමඟ ඇමරිකානු-චීන දේශපාලන ගැටුම යළි කරලියට පැමිණ තිබෙනවා.
හිටපු ජනාධිපති Donald Trumph ගේ පාලන කාලය තුළ පැන නැගුනු චීනයේ බුද්ධි හා ආරක්ෂක පර්යේෂණ සමාගම්වලට එරෙහි දැඩි ස්ථාවරය, නව ජනපති Joe Bieden විසින්ද ඉදිරියට ගෙන යමින් සිටින බව මේ අනුව පැහැදිලි වෙන කරුණක් වෙනවා.
කොහොම වුණත් එක්සත් ජනපද ආයෝජන සමාගම් සහ පුද්ගලයින්ට අලුතින් තහනම් කරන ලද සමාගම්වල ඕනෑම අරමුදලක් ආපසු හැරවීමට අවසර ඇති නමුත් එම ගනුදෙනු වසරක් තුළ සම්පූර්ණ කළ යුතු වෙනවා.
එමෙන්ම Tik-tok, WeChat වැනි චීන සමාජ මාධ්‍ය ජාලා මෙන්ම අනෙක් ජනප්‍රිය චීන ජංගම දුරකථන නිෂ්පාදකයින්ද ඉදිරියේදී මෙම ලැයිස්තුවට ඇතුළත් වනවා ද නැද්ද යන්න පිළිබඳව බොහෝ තාක්ෂණික විශ්ලේෂකයින් විමසිල්ලෙන් පසු වෙනවා.
