ලොව පුරා අන්තර්ජාල වේගය පිළිබඳ දත්ත සපයන සුප්‍රකට Ookla වාර්තා මාලාවේ 2021 ජූලි මාසයට අදාළ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙන අතර එයට අනුව ලොව දුර්වලතම Mobile අන්තර්ජාල වේගය සහිත රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ශ්‍රේණිගත වී තිබෙනවා.මෙම රටවල් 10 අතරට එකතුවී ඇති අනෙක් රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, වෙනිසියුලාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ, සුඩානය, ඝානාව, සෝමාලියාව, ටැන්සානියාව හා සැම්බියාවයි.
ශ්‍රී ලංකාවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ජූලි වන විට Mobile internet වේගය 15.7% කින් අඩුවී ඇති අතර, සිම්බාබ්වේ රාජ්‍යයේ එම අගය 15% ක් පමණ වෙනවා.
අන්තර්ජාල වේගය වැඩිම රටවල් 10 ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය, දකුණු කොරියාව, කටාර්, නෝර්වේ, සයිප්රසය, චීනය, සෞදි අරාබිය, කුවේටය, ඔස්ට්‍රේලියාව හා Luxembourg යන රටවල් දැකගැනීමට හැකියාව තිබෙනවා.
දත්ත ලබා ගැනීම technews.lk
Tags:
Speed Test

